ලන්සාට කැබිනට් ඇමති ධුරයක්..? ජනපති සමග වෙනම සාකච්චාවක්!
තමන් දරන ලද රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ වෙනත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔහුට මේ බව දන්වා ඇතැයිද සඳහන්ය.
ජනාධිපතිවරයාද ද මන්ත්‍රීවරයා සමග වෙනම සාකච්ඡා කර ඇති අතර එහිදී ඇමති ධුරයක් පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් කිසිදු ඇමතුමක් ලබා නොගෙන කටයුතු කිරීම තම අරමුණ බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ඔහු දරන ලද ලද ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නිමල් ලංසා මහතා පෙරේදා දිනයේ ඉල්ලා අස්විය.
ලන්සාට කැබිනට් ඇමති ධුරයක්..? ජනපති සමග වෙනම සාකච්චාවක්!
2022-03-24T14:00:00+05:30
Gossip Lanka Hot News





