ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 23 වැනි දින පැවැත්වීමට සැලසුම් කොට ඇති සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව පසුගියදා ඇමැති තනතුරුවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයත්, නාමිකව අමාත්‍ය ධුරයේ සිටින වාසුදේව නානායක්කාර මහතාගේ නව වාමාංශික පෙරමුණත් මෙම සර්ව පාක්ෂික සමලුව වර්ජනය කිරීමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු අනෙකුත් පක්ෂ තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැති බවද දැනගන්නට තිබේ.
