gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෝලිම් හැදෙන්නේ බැසිල් නිසයි... රෝගීන් මැරෙන්නේ බැසිල් නිසයි... ජනතා අඳෝනා බැසිල් නිසයි – ගම්මන්පිල

මේ රටේ ජනතාවට ඩීසල්, ගෑස්, බෙහෙත් පෝලීම්වල දුක් විඳීමට සිදුව ඇත්තේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ වරදින් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු අවධාරණය කරන්නේ, පිළිකා සහ හෘද රෝගවල බෙහෙත් නොමැති නිසා කිසිවෙකු මිය යන්නේ නම් එහි වගකීම ද මුදල් ඇමැතිවරයා දැරිය යුතු බවයි.

පෝලිම්වල දුක් විඳින ජනතාවගේ අඳෝනාවල වගකීම ද බැසිල් රාජපක්ෂ භාරගත යුතු බවත් 2021 ඔක්තෝබර් මස 21 වෙනිදා මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩගැනීම සඳහා සකස් කර කැබිනට් අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා මුදල් ඇමැතිවරයා වෙත යැවූ යෝජනාවලිය මෙතෙක් කැබිනට් අනුමැතියට යොමු කොට නොමැති බවත් ගම්මන්පිල අනාවරණය කරයි.

බැසිල් රාජපක්ෂ හිතාමතා සැලසුම් සහගතව මේ රටේ ආර්ථිකය බිඳ දැමීම සඳහා කටයුතු කරන්නේ යැයි තමන් චෝදනා කරන්නේ මෙවැනි කරුණු පදනම් කරගෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

අද (16) ආණ්ඩුවේ විකල්ප පක්ෂ 11 රට හරි මගට තේමාව යටතේ කැඳවූ මාධ්‍ය හමුවට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka