විමල්-උදය ඇමති ධුරවලින් ඉවතට!
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත ඇමති ධුරයේ එස්.බී. දිසානායක මහතා දිවුරුම් දී ඇත.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
විමල්-උදය ඇමති ධුරවලින් ඉවතට!
2022-03-03T20:37:00+05:30
Gossip Lanka Hot News





