ඇතැම් පිරිස් අමාත්‍යධුර දරමින් ඊට අදාල සියළු වරප්‍රසාද භූක්ති විදින අතරතුර ආණ්ඩුවට එරෙහිව විවේචන එල්ල කිරීම අනුමත නොකරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයන් කොළඹදී ඊයේ පැවැත්වු සමුළුව පිළිබද අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
2015 සිට 2019 දක්වා කාලය තුළ රට විනාශ කරපු නායකයා ඉදිරිපිට සිට විමල් විරවංශ රම්පෙට පොරි හැලෙන්න දෙන බවත් ආණ්ඩුවට සහ වක්‍රාකාරයෙන් මුදල් අමාත්‍යවරයාට පහර දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යධුරයේ සියලුම වරප්‍රසාද භුක්ති විඳිමින් එලෙස සිදුකරන බවත් ආණ්ඩුවෙන් ඉවත්වීමට යම් අමාත්‍යවරයෙකුට අවශ්‍ය නම් ඊට කිසිදු බාධාවක් නැති බවද අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ කිසිවකුට බලෙන් කිරි පොවමින් තබා ගැනීමට අවශ්‍ය නැති බවයි.
මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන්ද අමාත්‍ය විමල් විරවංශ අදහස් දැක්වූ බව පැවසූ රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඇතැම් අවස්ථා වලදී පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී මී පැටව් මෙන් නිහඬව සිටින බවත් එලියට පැමිණ කාඩ් බෝඩ් වීරයන් මෙන් මයික් ටයිසන් ලා වන බවයි
