gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෙහෙම ගියොත් රටම විකුණලා දමයි - අස්ගිරි මහ නාහිමි

මෙහෙම ගියොත් රට විකුණා දමාවි යැයි සැකයක් ජනතාව තුළ මතු වී තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.

රටක පාලකයන් සියලු දේටම ප්‍රථමයෙන් සිතිය රට ගැන සහ ජනතාව ගැන බවද උන්වහන්සේ පැවැසූහ.

මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතු බවත් අද ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් උන්වහන්සේ සදහන් කලහ.

ජනතාව මෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක ‘මුළු රටම හරිමගට’ ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka