අර්බුදයේ සංකේතය බැසිල්...තවම ආණ්ඩුවෙන් නෙරපළා නැති නිසා ඉන්නවා - වාසු
රට පත්ව ඇති වත්මන් අර්බුදයේ සංකේතය මුදල් අමාත්‍යවරයා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඊයේ (15) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11න් 10ක නියෝජිතයින් ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී රැස්වී තිබුණි.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකු සහභාගී වී නොමැති බව වාර්තා විය.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
"මම ආණ්ඩුව තුළ ඉන්නවා කියන්න බැහැනේ. මම කැබිනට් රැස්වීමට යන්නේ නැහැ. අමාත්‍යාංශයේ කටයුතුවලට සහභාගි වෙන්නේ නැහැ. තවම ආණ්ඩුවෙන් නෙරපළා නැති නිසා ආණ්ඩුවෙන් පිට ඉන්නවා කියන්නත් බැහැ."
ප්‍රශ්නය - ඇයි ඔබතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්තේ ?
"මට ඉල්ලා අස්වෙන්න හේතුවක් තියෙන්න ඕනෙනේ. මේ දෙන්නා අස්කරපු එක හේතුවක් කර ගන්න බැහැනේ මට ඉල්ලා අස්වෙන්න."
ප්‍රශ්නය -මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වුණේ නැහැ නේද ?
"මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙක් අද හිටියේ නැහැ."
ප්‍රශ්නය - අද දිනයේ බැසිල් රාජපන්ෂ මහතා ඉන්නදියාව බලා පිටත් වුණා. ඔහු නිසා තමයි මේ අර්බුදයට මුල කියලා මේ වෙකොට මාධ්‍යයේ පළ වෙනවා?
"අර්බුදයේ සංකේතය ඔහු."
අර්බුදයේ සංකේතය බැසිල්...තවම ආණ්ඩුවෙන් නෙරපළා නැති නිසා ඉන්නවා - වාසු
2022-03-16T11:29:00+05:30
Gossip Lanka Hot News




