බල්ලෝ බිරුවට තවලම යනවා...මෙරට ආර්ථිකය ගොඩදැමිය හැකි එකම පුද්ගලයා බැසිල් පමණයි - සාගර යලිත් කරළියට!
මෙරට ආර්ථිකය ගොඩ නැගීමට හැකි එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. තවලමක් ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධා වලට තවලමේ ගමන නැවැත්විය නොහැකි බවත් හෙතෙම පැවසීය.
ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කරන ලද දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙක් පක්ෂ වල සාමාජිකයන් පොදුජන පෙරමුන හා සම්බන්ධව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද හෙතෙම පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාට ඇතැම් අය විවේචන එල්ල කරන්නේ මෙරට ආර්ථිකය ගොඩනගිය හැකි එකම පුද්ගලයා ඔහු බව දන්නා නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
බල්ලෝ බිරුවට තවලම යනවා...මෙරට ආර්ථිකය ගොඩදැමිය හැකි එකම පුද්ගලයා බැසිල් පමණයි - සාගර යලිත් කරළියට!
2022-03-16T12:11:00+05:30
Gossip Lanka Hot News





