gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්ධය මැද්දේ යුක්රේන ජනපති යුරෝපා පාර්ලිමේන්තුව අමතයි... මන්ත්‍රීවරුන් ආසනවලින් නැගිට එක දිගට අත්පුඩි ගහයි... කතාව මැද්දේ පරිවර්තකයාත් හැඟුම්බර වී කඳුලු සලයි (VIDEO)

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊයේ සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබීය.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබ තිබේ.

යුරෝපිය පාර්ලිමේන්තුව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියේ තම රට ” සිය පැවැත්ම වෙනුවෙන් සටන් කරමින්” සිටින බවයි.

“අපි සටන් කරන්නේ අපේ භූමිය සහ අපේ නිදහස වෙනුවෙන් පමණයි, “අපි ආසයි අපේ ළමයි ජීවත් වෙනවා දකින්න. මම හිතන්නේ ඒක සාධාරණයි.” යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරනු ලැබූ අතර එහිදී එය පරිවර්තනය කරමින් සිටි පරිවර්තකයා හැඟුම්බර වූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේය.

“අපි අපේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා … අපි පැවැත්ම සඳහා සටන් කරනවා. මෙය අපගේ අභිප්‍රේරණයේ ඉහළම අගයයි” යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේය.

“නමුත් අපි සටන් කරන්නේ යුරෝපයේ සමාන සාමාජිකයන් වීමටයි. අද අපි සෑම කෙනෙකුටම පෙන්වමින් සිටිනවා අපි හරියටම කවුරුන්ද වග. මම එය විශ්වාස කරනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

“අපි අපේ ශක්තිය ඔප්පු කර තිබෙනවා. අවම වශයෙන්, අපි ඔබ හා සමාන බව අපි ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඔබ අප සමඟ සිටින බව ඔප්පු කරන්න. ඔබ අපව අත්නොහරින බව ඔප්පු කරන්න. ඔබ ඇත්ත වශයෙන්ම යුරෝපීයයන් බව ඔප්පු කරන්න. එවිට ජීවිතය මරණයෙන් ද  ආලෝකය අන්ධකාරයෙන් ද ජය ගනීවි” යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka