යුක්රේනයට එරෙහි රුසියාවේ කුරිරු ප්‍රහාරය පෙරමුණු වල ඇවිලී ඇත. ජාත්‍යන්තර ආධාර සඳහා මංමුලා සහගත ආයාචනා නිශ්ඵලය. රට මොස්කව්හි ප්‍රහාරයට හුදකලාව මුහුණ දෙමින් සිටී.
යුක්‍රේනයේ ප්‍රධාන නගරවලට පැති කිහිපයකින් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. රුසියාව, කියෙව් අගනුවර මධ්‍යයේ සහ එහි දෙවන විශාලතම නගරය වන කාර්කිව්හි ගොඩනැගිලිවලට ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
යුකරේනයේ දකුණු නගරය වන කෙර්සන් පාලනය සඳහා යුක්‍රේන හමුදාවන්ට එරෙහිව සටන් කරයි.
එහෙත් කෙර්සන් පාලනය රුසියානු හමුදාව සම්පූර්ණයෙන් තමන් අතට පත් කරගත් බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය වූ TASS වාර්තා කළේය.
නමුත් කෙර්සන් නගරය යටත් වී නැති බවත්, නගරයේ සමහර කොටස් යුක්‍රේන පාලනය යටතේ පවතින බවත් යුක්රේනය කීවේය. කෙසේ වෙතත් CNN විසින් තහවුරු කරන ලද වීඩියෝ සහ සමාජ මාධ්‍ය පළ කිරීම් වලින් රුසියානුවන් බාධාවකින් තොරව නගරය පුරා ගමන් කරන බවට නව සාක්ෂි සපයා තිබිණි.
