ලෝකයේ කොහෙවත් මුදල් ඇමතියෙක් රටේ කළු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය කරන්නේ නෑ - විශේෂ සමුළුවේදී විමල් බැසිල්ට එලව එලවා පහරදෙයි (VIDEO)
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අද මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් කතා කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මාස 6ක් තිස්සේ මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වෙත ලිපි 9ක් යවා ඇති බව ය.
එම ලිපි හරහා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳව උපදෙස් ලබා දී ඇත ත්, ඒ කිසිදු ලිපියකට මුදල් අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා නැතැයි ඔහු පැවසීය.
රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකදී පවා මහ බැංකු අධිපති හමුවී සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයාට කාලයක් නොතිබීම පිළිබඳව ඔහු චෝදනා කළේ ය.
මේ පිළිබඳව තවදුරට ත් නිහඬ වී සිටිය නොහැකි බව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ පක්ෂ 11ක සහභාගිත්වයෙන් පැවති 'මුළු රට ම හරි මගට' ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී ය.
ලෝකයේ කොහෙවත් මුදල් ඇමතියෙක් රටේ කළු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය කරන්නේ නෑ - විශේෂ සමුළුවේදී විමල් බැසිල්ට එලව එලවා පහරදෙයි (VIDEO)
2022-03-02T19:51:00+05:30
Gossip Lanka Hot News




