හරීන්ට මනූෂට එරෙහිව ආණ්ඩුවේ 25 දෙනෙක් කතානායකට ලිපියක් බාරදෙයි!
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 26 දෙනකුගේ අස්සන් සහිතව ලිපියක් අද දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දී තිබේ.
එම ලිපිය හරහා මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ පසුගීය දිනෙක එම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවට විදුලි පන්දම් රැගෙන ඒම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
වහාම මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසද එම ලිපියෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.
හරීන්ට මනූෂට එරෙහිව ආණ්ඩුවේ 25 දෙනෙක් කතානායකට ලිපියක් බාරදෙයි!
2022-03-02T19:16:00+05:30
Gossip Lanka Hot News




