gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල් රජ කිරීමේ සිහිනයක් වත් නෑ… පුත් කේසර රජ වුවත් රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂයි (VIDEO)

නාමල් රාජපක්ෂ මහතා මේ රටේ රජ කිරීමේ බලාපොරොත්තුවක් තබා සිහිනයක් වත් තමන්ට නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ රජ වුවද, ගෝඨාභය රාජපක්ෂ රජ වුවද, නාමල් රාජපක්ෂ රජ වුවද, නාමල්ගේ පුත් කේසර රජ වුවද රට පාලනය සිදු කරනුයේ බැසිල් රාජපක්ෂ බවද ඒ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අන්තර්ජාල නාලිකාවක් හා එක්වෙමිනි.

වත්මන් ආර්ථික අර්බුදය දිගුකලක් අඛණ්ඩව ණය ලබා ගැනීම නිසා ඇති වූ අර්බුදයක් විනා කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයක් නොවන බව තමන් දිගින් දිගටම ප්‍රකාශ කළ බවත් එම සත්‍යය පැවසීම හේතුවෙන් ආණ්ඩුව තුළින්ම තමන්ට ප්‍රහාර එල්ල වූ බවත් නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මෙම අර්බුදය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් තමන් කැබිනට් පත්‍රිකා එකොළහක් ඉදිරිපත් කර තිබු බව මෙහිදී හෙළි කළ පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහෙත් මුදල් අමාත්‍යවරයා හිතාමතාම මෙම අර්බුදය තීවුර වීමට ඉඩ හැර බලා සිටි බව පෙන්වා දුන්නේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka