gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිල ඉහළ දමන තෙක් ආනයනකරුවන් ෆාමසිවලට බෙහෙත් බෙදාහැරීම නවත්වයි! බෙහෙත් පෝලිමකුත් එන ලකුණු!

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා ඉහළ යාමත් සමග ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආනයනකරුවන් ඊයේ සිට ඔසුසල්වලට ඖෂධ සැපයීම නවතා දැමූ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (ACPPOA) සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය.

ඔහු කියා සිටියේ ඖෂධ සමාගම් සහ ආනයනකරුවන් දැනට පවතින තොගවලින් ඔසුසල් වෙත බෙදා හැරීම මේ වන විටත් නතර කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රුපියල පා කිරීමෙන් පසු එම ඖෂධ අලෙවිකරුවන්ට ලාභ ඉපයීමට නොහැකි වනු ඇති බවයි.

ඖෂධ වර්ග සහ අමුද්‍රව්‍ය බොහොමයක් ආනයනය කර ඇත්තේ ණයට බවත්, එබැවින් ඒවා අඩු මුදලට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී නිෂ්පාදකයින්ට හෝ ආනයනකරුවන්ට විශාල පාඩුවක් සිදුවන බවත් ඔහු පැවසීය.

ACPPOA නියෝජිතයන් ඊයේ ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර අද දිනයේදීද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

“මෙම රැස්වීමේදී දේශීය ඔසුසල් හරහා ඖෂධ අලෙවි මිල ඉහළ දැමීමට තීරණය කිරීමට නියමිතයි.කෙසේ වෙතත්, ඖෂධවල විකුණුම් මිල ඉහළ දැමීමේ අවසන් තීරණයක් ගන්නා තුරු හෝ නිල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන තුරු ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආනයනකරුවන් ඖෂධ බෙදා හැරීම නතර කර තිබෙනවා.’ යැයි ACPPOA සභාපති පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka