gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්! ඉන්දියාව දින කිහිපයක් කල් දමා දෙයි!

ඉන්දියාව වෙත ශ‍්‍රි ලංකාව විසින් ඩොලර් මිලියන 900 ක මුදලක් මෙම සතියේ කිරීමට නියමිතව තිබූ බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි. එම ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණේ ඩොලර් මිලියන 300ක පමණ මුදලක් බව ද හෙතෙම හෙළි කරයි.

එහෙත් ඉන්දියාව එම ණය ගෙවීම සඳහා තවත් මාස දෙකක කාලයක් ලබා දී ඇති බවත් එසේ නොකළේ නම් ශ්‍රී ලංකාව අද වන විට බංකොලොත් වී ඇති බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණ ගැසී ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවධාරණය කළා.

වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව අපිට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අපගේ යෝජනා ඉදිරිපත් කළේ රට වෙනුවෙන්. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව අපගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපි මෙහිදී පෙන්වා දුන්නේ මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බවයි. පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවධානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් අපි මෙහිදී අවධාරණය කළා.

කෙසේ වෙතත්, මූල්‍ය අරමුදලට යෑමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී පෙනුනේ නෑ. හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කළා. එසේම,⁣ මෙරට ආහාර උද්ධමනය 40% ක් දක්වා වැඩි වී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් මා සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka