විමල්ලා ප්‍රහාර දීම අරඹයි... ජයන්ත සමරවීරත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි… ජානිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයි!
රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මීට ස්වල්ප මොහොතකට පෙර සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම ප්‍රකාශයට පත් කළේය.
විමල්වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනාගෙන් පස් දෙනෙක් එක් වී සිටියහ.
මේ අවස්ථාවට හිටපු අමාත්‍ය, පක්ෂ නායක විමල් වීරවංශ එක් වී සිටියේ නැත. ඉදිරියේ දී තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ විය.
විමල්ලා ප්‍රහාර දීම අරඹයි... ජයන්ත සමරවීරත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි… ජානිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයි!
2022-03-08T15:42:00+05:30
Gossip Lanka Hot News





