ඩීසල් නෑ! කන්ටේනර් රථ 4000ක් නවත්වයි! ආහාර, ඖෂධ ප‍්‍රවාහනය අර්බුදයක!
බහාළුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථ හාරදහසක් පමණ ඩීසල්් නොමැති වීම මත ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි එක්සත් ලංකා බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත එදිනෙදා අවශ්‍ය ආහාර, ඖෂධ ආදී තව භාණ්ඩ ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි.
මෙරට බහලුම් ප්‍රවාහන රථ 6,000කට ආසන්න ප්‍රමාණයක් ඇතත් දැන් ඉන් ධාවනය වන්නේ 2,000 කට ආසන්න ප්‍රමාණයක් පමණක් යැයිද ඔහු පැවසීය.
දැනට ධාවනය වන බහාළුම් රථ ධාවනය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බවත් පිට පළාත් සඳහා භාණ්ඩ ප්‍රවාහනය ගැටළුවක් වී ඇති බවත් හෙතෙම පැවසීය.
ආනයන සහ අපනයන භාණ්ඩ ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාළුම් ප්‍රවාහන රථ මඟින් සිදුකරනු නිසා එම සේවා වලට ද මේ හේතුවෙන් විශාල බාධාවක් එල්ල වී ඇතැයිද හෙතෙම පැවසීය.
බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඇතැම් ඉන්ධන හල් වලින් රුපියල් 3000ක පමණක් ඉන්ධන නිකුත් කළ ද එම ප‍්‍රමාණය වරාය පරිශ්‍රය තුළ ධාවනයටවත් ප්‍රමාණවත් නැතැයි ද හෙතෙම පැවසීය.
ඒ හේතුවෙන් මෙම රථ සඳහා ද ඉන්ධන නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද ඔහු රජයෙන් ඉල්ලා සිටී.
ඩීසල් නෑ! කන්ටේනර් රථ 4000ක් නවත්වයි! ආහාර, ඖෂධ ප‍්‍රවාහනය අර්බුදයක!
2022-03-08T13:43:00+05:30
Gossip Lanka Hot News





