ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. මේ හේතුවෙන් ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් උද්ගතවෙමින් ඇති බවත්, එසේ වුවහොතේ පැය 15කට අධික කාලයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග අනතුරු අඟවයි.
රටේ බලශක්ති නිශ්පාදනයේ වැඩිම කොටස සිදුකරන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මගිනි. පවතින අර්බුදය හමුවේ නිසි කළමනාකරණයක් කරගැනීමට නොහැකි වුවහොත් රටේ ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට යෑමට සිදුවිය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉදිරි සති කීපය තුළ දී ගල් අඟුරු ආනයන කටයුතු ආරම්භ කළ යුතුව ඇති බව පවසන එම ආරංචි මාර්ග අප්‍රේල් මාසය අවසන් වන්නට පෙර ගල් අඟුරු ආනයනය කිරීම ආරම්භ නොකළහොත් අප්‍රේල්වලින් පසුව පැමිණෙන වාරකන් කාලයේ දී කිසිදු ගල් අඟුරු නැවක් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බව පවසයි.
කෙසේ වෙත්ත මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ ප්‍රකාශ කළේ කිසිම ආකාරයක ගල් අඟුරු අර්බුදයක් රටේ පැන නැගී නැති බවය.
