gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ දරුවෝ මුහුණ ‌දීලා තියෙන ප්‍රශ්නයක් අපේ රටේ මාධ්‍යවලට ලොකු ප්‍රශ්නයක් නොවුණාට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලට ඒක ලොකු ප්‍රශ්නයක්!

1948 නිදහසින් පසු රට මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදිමින් සිටින ශ්‍රි ලංකාවේ මුද්‍රණ කඩදාසි අවසන් වීම හේතුවෙන් මිලියන ගණනක් සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබු පාසල් වාර විභාග අවලංගු කර ඇති බව බ්‍රිතාන්‍යයේ පලවන The Guardian පුවත්පත අද වාර්තා කර තිබෙනවා.

“මූල්‍ය අර්බුදය දෂ්ඨ කිරීම හේතුවෙන් මුද්‍රන කඩදාසි හිඟය මත ශ්‍රි ලංකාවේ පාසල් විභාග අවලංගු කරයි” යන සිරස්තලය සහිතව වාර්තා කර ඇති පුවත්පත් වාර්තාවේ ශ්‍රි ලංකාව මුහඅණ දී ඇති අර්බුදය පිලිබඳව විස්තරාත්මකව සටහන් කර තිබෙනවා.

එම පුවත වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ “අධ්‍යාපන බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළේ සඳුදා සිට ආරම්භවීමට නියමිතව තිබූ වාර විභාග, උග්‍ර කඩදාසි හිඟයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බවත්, ආනයන සඳහා මුදල් සැපයීමට රජයට මුදල් හිඟ වූ බවත්ය.

තවද “අවශ්‍ය කඩදාසි සහ තීන්ත ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබා ගැනීමට මුද්‍රණකරුවන්ට නොහැකි බැවින් පාසල් විදුහල්පතිවරුන්ට පරීක්ෂණ පැවැත්විය නොහැක” යනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කල බවත් එම වාර්තාව සඳහන් කරනවා.

“නිල ආරංචි මාර්ග පැවසුවේ මෙම ගැටලුව රටේ මිලියන 4.5 පමණ වූ සිසුන්ගෙන් තුනෙන් දෙකකට පමණ බලපෑමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාර පරීක්ෂණ යනු වසර අවසානයේදී සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලියක කොටසකි” යැයි එම පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එම පුවත් පත ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය පිලිබඳව වැඩිදුරටත් විස්තර දක්වා සිටිනවා.

මෙම වසර මුලදී ශ්‍රී ලංකාව සිය ප්‍රධාන ණයහිමියන්ගෙන් එකක් වන චීනයෙන් ණය ගෙවීම් කල් දැමීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි නමුත් බීජිං වෙතින් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.” එම පුවත් පත එලෙස ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය ගැන වාර්තා කර තිබුනි.

මම තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka