gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනු වෙනුවට එය සඟවාගෙන  වනජීවී සංවර්ධන ඇමති සී.බී රත්නායක තමන්ට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවත්වන දැන්වූ බවත්,  තමන්ට ජන මාධ්‍ය ඔස්සේ මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ “ පොත්ත සුදු නිසා“ යැයි කියමින් අතිශය නින්දාවට පත් කළ බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ  පැවසුවාය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කීවේ තමන්ගේ විෂය භාර ඇමතිවරයා තමන් යටතේ සිටිනා අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් දරන කාන්තාවක් විෂයෙහි හැසිරෙන මේ අශිෂ්ට ආකාරය ඔහුට ඡන්දය ලබා දුන් සියලුම කාන්තාවන්ට දැනුම් දෙන බවය.   මෙවැනි පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට එවීමේ දී සැලකිලිමත්වන ලෙසත් ඇය කියා සිටියාය.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියමයෙන් පත්කළ ස්වාධීන කමිටු වාර්තාව එන තුරු තමන් සේවයට වාර්තා නොකළේ විනිවිද භාවයකින් යුතුව සියලු පරීක්ෂණ නිමා වනතුරු බව ඇය කීවාය.

තමන් සේවයට වාර්තා නොකර සිටියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු සේවයට වාර්තා කිරීමේ පදනම මත මෙන්ම එම කමිටු වාර්තාවේ නිර්දේශ තමන් විෂයෙහි වුවද අකුරටම ක්‍රියාත්මක කිරීමේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය මත බවද ඇය පෙන්වා දුන්නාය.

එම පරීක්ෂණයේ අතුරු වාර්තාව පසුගිය 13 වැනිදාත් අවසන් වාර්තාව 16 වැනිදාත් ලැබී තිබිය දී  එම වාර්තාව තමන්ට ලබා දී නැති බවත්,  අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඇමතිවරයා එහි නිර්දේශ ක්‍රියාත්මක නොකර සේවයට වාර්තා කිරීමට ඇති ඉඩ හසර වළක්වා තමන් තනතුරින් ඉවත් කිරීමට දරන උත්සාහයේ අර්ථය කුමක් දැයි විමසන බවත් ඇය කීවාය.

අමාත්‍යාංශය    මෙම පරීක්ෂණ  අතුරු වාර්තාව සම්බන්ධව මුලදී තමන් දැනුම්වත් කර  ප්‍රකාශ කර තිබුණේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස තමන්ගේ කිසිම වරදක් එහි දක්වා නැති බවත් සමහර වෘත්තීය සමිති ක්‍රියාකරුවන් වරදකරුවන් ලෙස   නම් කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට  නිර්දේශ කර ඇති බවත්   යැයි ඇය හෙළි කළාය.

එවන් පසුබිමක් තුළ ඇමති සී.බී.රත්නායක තමන්ට තනතතුරින් ඉවත්වන ලෙස දන්වා ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔහු හිටගන්නේ “ තමන්ගේ කොල්ලන්ගේ පැත්තේ බව “ කීවේ යැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය අමාත්‍යාංශ ලේකම්  සෝමරත්න විදානපතිරන වාර්තාව ඔහු ඉදිරියේ තබාගෙන උඩ ඉන්න යාලුවන්ට කියා ප්‍රශ්නය විසඳා ගන්නට උපදෙස් දුන් බවත් කියා සිටියාය.

උඩ ඉන්න අය කවරෙක්දැයි විමසූ විට ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය බව ඔහු පැවසූයේ යැයි ඇය කීවාය. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක වාර්තාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා කුමකට දැයි ඇය විමසා සිටි බව ඇය පැවසුවාය.

මේ වනවිට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් නිර්මාණය වී ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය , පශු වෛද්‍යවරයෙක් පහර කෑම නිසා රෝහල් ගත කර ඇති බව කීවාය. එසේ රෝහල්ගත කළ පශුවෛද්‍යවරයා රෝහලින් ඉවත් කිරීමට බලපෑම් එල්ලවන බවත් ඇය කීවාය.

තමන්ගේ වාහනයට ඇණතබා අනතුරකට පත් කිරීමට තැත් කිරීම, කාන්තා සේවිකාවක් බලහත්කාරයෙන් රඳවාගෙන හිංසනයට ලක් කිරීම, පශු වෛද්‍යවරුන්ට පහරදීම ඇතුළු මේ භීෂණ හේතුවෙන් සත්ත්වෝද්‍යානයේ සතුන් පන්දහසකගේ ජීවිත, සියලුම කාන්තා පිරිමි සේවකයන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට පත්වී ඇතැයි ඇය පැවසුවාය.

මෙම තත්වයට අමාත්‍යවරයා මෙන්ම     තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැති අත්තනෝමතික  අමාත්‍යාංශ  ලේකම් සෝමරත්න විදාන පතිරණ මුලුමනින්ම වග කිවයුතු බව ඇය කියා සිටියාය.  තමන්ගේ පරිපාලනය බලතල යටතේ ලබා ගන්නා තීන්දු ආයතනයේ නිලධාරීන් ලවා අනීතික ලෙස වෙනස් කිරීමට අමාත්‍යාංශ ලේකම්   සෝමරත්න විදාන පතිරණ කටයුතු කරන බවත් ඇය හෙලි කළාය.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka