gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යුක්රේනය සහ රුසියානු ගැටුම වගේ ගැටුම් රට තුළ ඇතිවීමේ අවදානමක්! මල්වතු නා හිමියෝ සැක පහළ කරති

රුසියාව සහ යුක්රේනය ඇතිව තිබෙන ගැටුමට සමාන ගැටුම් ශ්‍රී ලංකාවේත් ඇතිවීමේ අවදා නමක් පිළිබඳවද රටේ කතා බහක් නිර්මාණය වී ඇතැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමියෝ පවසති.

රජය සිදුකරන කටයුතු වල විනිවිද භාවයක් පෙනෙන්නට නැතැයි ද උන්වහන්සේ කීහ.

රටේ කොටස් ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි රට වලට ලබාදෙන බවට විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල වන බවද උන්වහන්සේ කීහ.

මහනාහිමියන් එසේ පැවසුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමාජිකයින් නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර, රෝහණ ලක්ෂ්මන් පියදාස  ඇතුළු පිරිසක් අද (24) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින මේ අවස්ථාවේ සියලු පක්ෂ ඒ පිළිබඳව අවධානය යොමුකර කටයුතු කිරීම වැදගත් බවද මහානාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ රට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව තිබෙන බවත් පවතින තත්ත්වයෙන් ගොඩඒම සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළත් කිසිදු නම්‍යශීලිත්වයක් නොදැක්වීම නිසා රට බේරා ගැනීමේ අරමුණින් පියවර රැසක් ගත් බවත් පැවසුවේය.

පිට රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම් පිළිබඳව කැබිනට්ටුව කිසිවක් නොදන්නා බවත් නොයෙක් අංශ වලින් ජනතාව පීඩාවට පත් කිරීම මුදල් ඇමැතිවරයා විසින් හිතාමතා සිදුකරන බවත් කී මන්ත්‍රීවරයා  ප්‍රශ්න වලින් ජනතාව බැටකත්දී රටේ සම්පත් විකිණීමේ ක්‍රියාවලිය රිසි සේ සිදු කිරීම ඔහුගේ අපේක්ෂාව බවද අවධාරණය කළේය.

විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේවන විට හවුල්කාර පක්ෂ 11 ගෙනයන වැඩපිළිවෙළ හා සම්බන්ධ වී සිටින බවද ඔහු කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka