'වැඩට එන්න එපා....ගෙදර ඉඳන් වැඩ කරන්න' - නාමල් සේවකයන්ට කියයි
පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.
විදුලි සැපයුම සහ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෙම ක්‍රමවේදය මගින් බලාපොරොත්තු වන බවත් සෙසු සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරිමට හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.
'වැඩට එන්න එපා....ගෙදර ඉඳන් වැඩ කරන්න' - නාමල් සේවකයන්ට කියයි
2022-03-31T09:56:00+05:30
Gossip Lanka Hot News





