gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරණ “ගල් කළ“ ලොතරැයි මණඩලයේ වාහනයක් අවුරුදු 14ක් ආගිය අතක් නෑ…. පාඩුව දෙකෝටි හැට ලක්ෂයක්!

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිය දී එම ආයතනය යටතේ මිල දී   ගත් වාහනයක් වසර 14ක් තිස්සේ අස්ථානග කර ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී ඇත.

එමගින් රජයට සිදුවී ඇති මුලු අලාභය  රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් බව වාර්තා වේ.

වර්ෂ 2008 දී කැබ් රථයක් මණ්ලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව  එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර ඇතත් එදින සිට එම වාහනය අස්ථානගතවී ඇති බවය.

අදාල වාහනය වෙනුවෙන් වාහන සමාගමට මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින් ද නඩු පවරා ඇත.

එහි තීන්දුව අනුව ලොතරැයි මණ්ඩලයට   එම ආයතනය වෙත රුපියල් එක් කෝටි හැට එක් ලක්ෂ අනූ දහසකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී තිබේ.

නඩුව වෙනුවෙන් මණ්ඩලය දරන ලද නීතිඥ වියදම සහිතව වර්ෂ 2018 වනවිට සිදු වී තිබුණු මුලු අලාභය රුපියල් දෙකෝටි හැට යහ ලක්ෂ තිස් හතර දහස් එකසිය අසු පහක් වී තිබිණි.

කෝප් කමිටුව හමුවට කැඳවූ ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා පවසා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අදාල අලාභය අය කරගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බවය.

සිද්ධිය දෙරණ පුවත් සේවය මෙසේ වාර්තා කර තිබිණි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka