gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දැරියන් දෙදෙනෙකු දුෂණය කළ ග්‍රාම නිලධාරීවරයාට පොහොට්ටුවේ දේශපාලන රැකවරණය

දැරියන් දෙනෙකු අතවරයට ලක් කලේ යැයි කියන සිද්ධියට සම්බන්ධ අම්බලන්තොට ජංසගම ග්‍රාම නිළධාරියාට පොහොට්ටුවේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් රැකවරණය ලැබෙන බවට සමාජයේ කතා බහක් පවතින බව අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී විමලසිරි පෙරේරා මහතා අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ පැවැති මාසික සභා රැස්වීමේ දී සඳහන් කර තිබෙනවා.

එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා සහ සභාවේ සභාපතිවරයා මෙම පුද්ගලයාට රැකවරණය දෙන බවට සමාජයේ පැතිර යන කතාව සභාවේ මන්ත්‍රීවරු ලෙසට අපටත් බරපතල ගැටළුවක් වන හෙයින් මෙහි සත්‍යතාවය කුමක්දැයි හෙලි කරන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලිමක් කළා.

රජයේ නිළධාරින් මෙවැනි ක්‍රියා සිදු කිරිම තරයේම හෙලා දකින බවද විමලසිරි පෙරේරා මහතා සඳහන් කළා.

මන්ත්‍රී විපුල විජයදාස මහතා සඳහන් කළේ “රාජ්‍ය නිළධාරීන් වර්තමානය වන විට මෙවැනි සිද්ධින්ට යොමු වීම දූෂිත සමාජයේ ලක්ෂණයක් හැම ක්ෂේත්‍රයක්ම අද දූෂිත භාවයට ලක්වෙලා තියෙන්නේ මේ සිද්ධියත් අපි තරයේම හෙලා දකිනවා.” යනුවෙනුයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka