සංචාරක කර්මාන්තයත් බිංදුවට වැටෙන ලකුණු! ලංකාව පැත්ත පළාතේ යන්න එපා... බ්‍රිතාන්‍ය දාපු නිවේදනයම කැනඩාවත් දමයි!
ලංකාව තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බූධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස කැනඩාව සිය රටවැසියන්ට නිවේදනයක් නිකුත් කොට ඇත.
“ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී. මෙම අර්බුදය හේතුවෙන් ඖෂධ, ඉන්ධන, ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් ඇති වේ. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. විදුලිය ඇනහිටීම් සිදුවේ. ආර්ථික අස්ථාවරත්වය සෞඛ්‍ය ඇතුළු පොදු සේවාවන් සැපයීමට ද බලපෑ හැකිය. ආරක්‍ෂක පරිසරය තවදුරටත් පිරිහීමට හැකිය, ” යනුවෙන් එහි සදහන්ය.
පසුගිය ප්‍රහාර මත පදනම්ව ත්‍රස්තවාදී ප්‍රහාර ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ද එම වෙබ් අඩවිය සඳහන් කර ඇති අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාර වැළැක්විය නොහැකි බව ද සඳහන් කර ඇත.
සංචාරක කර්මාන්තයත් බිංදුවට වැටෙන ලකුණු! ලංකාව පැත්ත පළාතේ යන්න එපා... බ්‍රිතාන්‍ය දාපු නිවේදනයම කැනඩාවත් දමයි!
2022-03-16T12:33:00+05:30
Gossip Lanka Hot News





