gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියානු ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 300ක් එකතැන මරුට! පුටින්ට යුද අපරාධ චෝදනා!

රුසියාව විසින් වටලාගෙන සිටින යුක්රේන නගරයක් වන Mariupol හී රඟහලකට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් ඇතැයි යුක්රේනයෙන් එන වාර්ථා සඳහන් කර සිටිනවා.

සිවිල් වැසියන්ට නවාතැන් ලබා දී තිබූ එම ගොඩනැගිල්ල තුල ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී පුද්ගලයන් 600 රැඳී සිට ඇති අතර එයින් අඩක් පහත මහලෙහි රැඳී සිට තිබෙනවා.

රුසියානු යුද්ධය ආරම්භවීමෙන් පසුව ප්‍රහාරයක් හේතුවෙන් එක තැනකදී මියගිය වැඩිම සිවිල් වැසියන් සංඛ්‍යාව මෙය වන අතර රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර හරහා යුධ අපරාද සිදුකරන බව යුක්රේනය චෝදනා කරනවා.

කෙසේ වෙතත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ.

ගුවන් ප්‍රහාරය සිදුකරන අවස්ථාවේ නගර මධ්‍යයේ රඟහල ගොඩනැගිල්ලෙන් පිටත බිම යෝධ අකුරින් “ළමයින්” යනුවෙන් ලියා තිබුණි.

ප්‍රහාරය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ ප්‍රහාරයෙන් පසුව මව්වරුන් සුන්බුන් අතරේ තම දරුවන් සොයන ආකාරය මෙන්න දරුවෙකු තමන්ට මියයාමට අවශ්‍ය නැතැයි කෑ ගසන ආකාරයේ දර්ශන හද කම්පාකරවන සුළු බවයි.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දවසේ සිටම යුක්රේනයේ ඉතා වැදගත් වරාය නගරයක් වූ Mariupol නගරය යටත් කරගැනීම සඳහා උත්සාහ කරන අතර එය තවමත් යුක්රේන පාලනය යටතේ පවතී.

මරියුපෝල් වරාය නගරය රුසියාවේ හමුදා මෙහෙයුමට වැදගත් වන අතර එය පාලනය කරගතහොත්, එය යුක්රේනයේ විශාලතම වරායක පාලනය රුසියාවට ලබා දෙන අතර ක්‍රිමියාව සහ රුසියානු පිටුබලය ලබන ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශ අතර ගොඩබිම් කොරිඩෝවක් නිර්මාණය කරනු ඇත.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka