gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ගැන අවසන් තීන්දුවක් ගැනීමට හිමිවරු ලබන 31 අභයාරාමයට එක් වෙති!

ආණ්ඩුව සම්බන්ධව අවසන් තීන්දුව ගැනීමට මේ 31 වැනිදා මහා සඟරුවන අභයාරාමයට එක් වන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ කියන්නේ  කිසා ගෝතමියට කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් ගෙනන්නට කීවාක් මෙන්   කළකිරුණු නැති ගෙදරකින් වතුර වීදුරුවක් ගෙනත් දෙන්නැයි තමන් ආණ්ඩුවට කියන බවය.

අද මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“තව දුරටත් මේ ආණ්ඩුව මේ රටේ අහිංසක ජනතාවට දුක් දෙනවා නම් අපටත් සිද්ධවෙනවා   නැවතත් පා ගමන් ගිහින්  මේ ආණ්ඩුව ඉවත්විය යුතු බවට කියන්න සිද්ධවෙන වග නම් අකමැත්තෙන් වුනත්  කියන්න සිද්ධවෙලා තියනවා.“

“මහින්ද අගමැති තුමනි . අපි කරුණාවෙන් කියනවා මේ ආණ්ඩුවේ අධීක්ෂණය සහ කළමනාකාරිත්වය නැවත වරක් බාර ගන්න. ගෝඨාබය මහත්තයා ජනාධිපතිකම කරයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති තුමාට වෙන සංවර්ධන අමාත්‍ය ධුරයක් භාර දෙන්න. “

“මේ 31 වැනිදා මහා සඟරුවන අභයාරාමටය එකතුවෙලා අපි තීන්දුවක් ගන්නවා ඉදිරි පියවර මොකක් ද කියන එක. “

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් යළිත් ආණ්ඩුවට දන්වා ඇත්තේ මේ නිහඬකම නිවටකමක් සේ නොසලකන ලෙසය.  රට ජාත්‍යාන්තර බලවේගවල පා පන්දුවක් වෙන්නට ඉඩ හැර කරන මේ ජනවරමට පටහැනි කටයුතු නවත්වන ලෙස දන්වා සිටින උන්වහන්සේ  මේ වෙන්දේසිකරුවන් කීප දෙනා හොඳින්ම පෙනෙන බවත්, සිදුවන දේ නොදැනෙන අඥාන මෝඩයින් සිටින්නේ යැයි නොසිතන්නැයි ලෙසත් පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka