උත්සවයට විතරක් මිලියන 6යි! රත්මලානට ආපු පළමු ගුවන් යානය පැය 96න් ගමන් නවත්වයි!
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස පසුගියදා විවෘත කරනු ලැබූ ලංකාවේ පැරණිම ගුවන් තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළට මාලදිවයිනට අයත් ගුවන් යානය එසේ පැමිණ පැය 96කට පසුව මගීන් නොමැති කම නිසා සිය රත්මලාන ගුවන්තොටුපළට එන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2ක් තිබියදී තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස විවෘත කරනු ලැබූ මෙහි සමාරම්භක උළෙල සඳහා පමණක් මිලියන 6ක මුදලක් වැය කර ඇති බව දැන ගන්න ලැබේ.
පසුගිය 27දා එම ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව මාලදිවයිනේ ‘මොල්ඩිවියන්’ ගුවන් යානය මාලදිවයන් ජාතිකයන් සමග මුලින්ම රත්මලානට පැමිණි ගුවන් යානයයි. නමුත් එම ගුවන් ගමනින් පසුව මාලදිවයිනේ සිට රත්මලානට පැමිණීමට හෝ රත්මලානේ සිට මාලදිවයිනට යෑමට කිසිදු ගුවන් මගියකු නොමැති නිසා මෙම සේවාව අත්හිටුවා තිබේ.
උත්සවයට විතරක් මිලියන 6යි! රත්මලානට ආපු පළමු ගුවන් යානය පැය 96න් ගමන් නවත්වයි!
2022-03-31T12:55:00+05:30
Gossip Lanka Hot News





