gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී පැජට් පාරේ නිවස අත් හරී… පොලොන්නරු යන්න බඩු අස් කරයි

හිටපු ජනපති  මෛත්‍රීපාල සිරිසේන පැජට් පාරේ  ඔහු මේ දක්වා පදිංචි වී සිටි නිවස හැර යෑම සඳහා මේ වනවිට  නිවසේ බඩු අස්කරමින් ඉන්න බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිටත් ඔහුට කොළඹ නිවසක් නැති නිසා එම සියලු බඩු භාන්ඩ පොලොන්නරුව තෙක් ප්‍රවාහණය කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
නිවසේ සිද්ධිය සම්බන්ධව නිල ප්‍රකාශයක් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   භාවිත කරමින් සිටි පැජට් පාරේ ඔහු ජනපතිවරයාව සිටිය දී භාවිතා කළ නිවසය. එම  නිවස අඛණ්ඩව භාවිත කිරීමට යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය කැබිනට් තීන්දුවක් ගෙන තිබිණි.

එම තීරණය   එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  පසුගිය 29 වැනිදා එම කැබිනට්  අත්හිටුවමින්    අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය පෙත්සම විභාගයේ  අවසන් තීරණය දක්වා බලපැවැත්විනි. මේ නියෝගය නිකුත් කිරීමට පෙර   පසුගිය  (28) මෛත්‍රිපාල සිරිසේන   ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි.

‘1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත’ට අනුව,  “සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

කෙසේ වෙතත් මේ නිවාස   සින්නක්කරව ලබා දීමක් නොවේ.

හිටපු ජනාධිපතිවරයා කොළඹ නිවස හැර යන්නේ ඒ නෛතික තත්වයන් තිබිය දී ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිවස සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සූදානම් වෙමින් සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අප කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්   කියා සිටියේ හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට නිවසක් ඇතුළු ව්‍යවස්ථානුකූලව හිමි වරප්‍රසාද හිමි  විය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්  මේ වනවිටත් එම වරප්‍රසාද භුක්ති විඳින බවය.

-ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka