‘මම අගමැති වුනාම ඔයාලටත් ඇමතිකම් දෙනවා’ - රනිල් මන්ත‍්‍රීවරුනට කියයි
මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වඩා වසර විස්සක් විසිපහක් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ හැකියි වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජාතික ආණ්ඩුවක අගමැති ධූරය භාර ගන්නේ දැයි පාර්ලිමේන්තු ලොබියේදී මන්ත්‍රීවරුන් පිරිසක් කළ විමසීමකදීය.
‘මම අගමැති වුනොත් ඔයාලටත් ඇමතිකම් දෙනවා’ යයිද වික‍්‍රමසිංහ මහතා සදහන් කර ඇත.
රජය විසින් කැඳවීමට සූදානම් කර ඇති සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩු යෝජනාවක් සම්මත කරගෙන එහි අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමේ සූදානමක් ඇති බවට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය රාවයක් පැතිර යමින් පවතී.
‘මම අගමැති වුනාම ඔයාලටත් ඇමතිකම් දෙනවා’ - රනිල් මන්ත‍්‍රීවරුනට කියයි
2022-03-12T19:47:00+05:30
Gossip Lanka Hot News





