gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘කාපුටාස් හිට් ද ප්ලේන්’.. ගම්මන්පිල බ්ලාස්ට් ද IQ බෝම්බ්… (Video)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ‘කපුටාස් හිට් ද ප්ලේන්’ යනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙය සිනහවිය යුතු තත්වයක් නොව හැඬිය යුතු දෙයක් බවයි.
ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යන කාන්තාවන්ද බෝට්ටුවෙන් ඉතාලි යන මීගමුවේ තරුණයන් ද ඉතා කෙටි කලකින් එම රටවල භාෂාව ඉතා හොඳින් හසුවුණ බව පැවසූ ඔහු සාමාන්‍ය IQ මට්ටමක් ඇති අයට එම හැකියාව තිබෙන බවද පැවසීය.

නමුත් වසර දාහතක් ඇමරිකාවේ ජීවත් වූ බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකාවේ ප්‍රධාන භාෂාවේ සාමාන්‍ය ව්‍යාකරණ හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ ඔහුගේ IQ මට්ටම ඉතා ප්‍රාථමික එකක් නිසා බවද හෙතෙම සඳහන් කළේය.

එවන් ඉතා පහල බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයකු මෙවන් අර්බුදකාරී ආර්ථික තත්වයක් කෙසේ තේරුම් ගන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ඉතිහාසයේ වාර්තා වන භයානකම ආර්ථික අර්බුදයක් මැද එවන් බුද්ධිහීන පුද්ගලයෙකු ආර්ථිකය හැසිරවීම සිදු කරන්නේ නම් රටට අත්වන භයානක ඉරණම ගැන කෙසේ විග්‍රහ කරන්න දැයි ඔහු ප්‍රශ්න කළේය.

දෙරණ නාලිකාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

කැබිනට් මණ්ඩලයේ දී පවා ඇතැම් අවස්ථාවල ආර්ථිකය සම්බන්ධයෙන් ගැඹුරු වාද විවාද මැද සිදුවන සංවාදයන් බැසිල් රාජපක්ෂ මහතාට තේරුම් ගැනීමට නොහැකි වූ විට ඔහු උස් හඩින් කෑ කෝ ගසන බව ද හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka