පවතින අර්බූදයෙන් රට ගොඩගැනීම සදහා ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවිය යුතු බවට විවිධ මාධ්‍යවල පුවත් පළ කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව අනාවරණය වීමෙන් පසු ‘ජාතික ප්‍රතිපත්තියක්’ පිහිටුවිය යුතු බවට කතාව වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වෙනස් වීම සිදුව ඇත්තේ දමිල මාධ්‍යවේදීන් අගමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
එහිදී ජාතික ආණ්ඩුවක් පිළිබද යන රාවය පිළිබදව අගමැතිවරයාගෙන් කළ විමසීමේදී අගමැතිවරයා සිනාසෙමින් කියා සිටියේ එය රනිල්ගේ අතේ රෝලක් බවකි.
අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය මාධ්‍යවල පළවීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාද ‘ජාතික ආණ්ඩු’ පදය වෙනස් කරමින් එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නම් කොට තමන්ට හිතවත් මාධ්‍යවල පළ කරගැනීමට කටයුතු කොට ඇත.
