gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති වුණොත් කරන දේ ගැන වෛද්‍ය පබාසරී ගිනිගේ ගෙන් “ගින්දර කතාව“!

අද අප ජීවත් වන්නේ  යහපාලනය වගේම සෞභාග්‍යයේ දැක්මත් විහිලුවක්  බවට පත් වූ රටක බවත් තම ජීවිත කාලය තුළ ජනාධිපතිවරුන් වගේම විපක්ෂයත් මේ රටේ ගෞරවය අභිමානය නැති කරන  අයුරු අත් විඳ ඇති බවත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ  විශේෂඥ මනෝ වෛද්‍ය පබාසරී ගිනිගේ සඳහන් කරයි. පසුගියදා ෆෙඩ්රික් නිව්මාන් පදනම සහ නේක්ස්ට්ජෙන් ශ්‍රි ලංකා එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමකදී අදහස් දැක්වූ වෛද්‍යවරිය ඇයට ලැබී තිබූ මාතෘකාව වන  තමන් ජනාධිපති වුවහොත් ඉදිරියට කරන දේ ගැන සඳහන් කරමින් කතාවක් කළාය. එහිදී ඇය විශේෂයෙන් කියා සිටියේ ලෞකික්ත්වය ප්‍රතිපත්තිය කරගත් ඇයගේ රාජ්‍ය පාලනයේ මඟ පෙන්වීමේ ප්‍රතිප්තිය බවට පත් වන්නේ දක්ෂතා කුසලතාවලට මුල් තැන දීම බවය.
එහිදී විශේෂඥ වෛද්‍ය ගිනිගේ දැක්වූ අදහස් මෙසේය.

“ මම අද ඉන්නේ සෞභාග්‍යයේ දැක්ම තවත් විහිලුවක් වූ රටකයි. ඒක හරියට යහපාලනය වගේ. මට මීට කලින් විවිධ පක්ෂ දේශපාලනයට ආරාධනය කළා. නමුත් ඒ ප්‍රතිපතිත් සමඟ අපට කටයුතු කළ නොහැකියි.  මම ජනාධිපති නම් ලෞකිකත්වය  මගේ එක ප්‍රතිපත්තියක්. මම කිසිම ආගමික නායකයකු හමුවෙන්න පලතුරු වට්ටි  අරගෙන  යන්නේ නෑ. සුඛෝපභෝගී වාහන පුදන්නට යන්නෙත් නෑ . උදව් කරන ආගමික නායකයන්ට පිරිකර විදිහට රටේ තිබෙන පිළිගත් ගෞරවණිය උසස් අධ්‍යාපන ආයතනවල උත්තුංග තනතුරු පූජා කරන්නෙත් නෑ. නමුත් මම හැම ආගමික  ස්ථානයකටම ගෞරවයෙන් යුතුව යනවා. ඒ මෙත්තා කරුණා මුදිතා ගුණ පදනම් කරගෙන.“

ජාතිය ආගම කුලය වර්ණය සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය රජකරවන පසුබිමක් මම ජනාධිපති වුවහොත් රට තුළ නිර්මාණය කරනවා. ඒ සඳහා මම වැඩපිළිවෙළක් සකසනවා. වේදනාත්මක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වින්දිතයන්ට නියම සාධාරණය ඉටු කිරීමට වගේම ඔවුන් සම්බන්ධයෙන් අවංක වූ සංහිඳියා වැඩසටහනක් ආරම්භ කරනවා.

දක්ෂතා සහ කුසලතාවලට මුල් තැන දීම (Meritocracy)  මගේ රජයේ මූලික මග පෙන්වීමේ ප්‍රතිපත්තිය වනු ඇති. මම ජනාධිපති වුවහොත් මේ රටේ දේශපාලනයට පැමිණීම සඳහා අවම සුදුසුකම් නිර්මාණය කරනවා. ඒ වගේම ඔවුන් දූෂණ, වංචා අපරාධ හෝ ළමා සහ කාන්තා අපයෝජනවලට කිසිදු සම්බන්ධයක් නැති  බවට තහවුරු විය යුතුයි.  කට ඇරියාම මොළේ බිම වැටෙන අශීලාචාර පුද්ගලයන් කිසිවකුට මම නාම යෝජනා දෙන්නේ නෑ.

ආර්ථිකය පිළිබඳත් මගේ දැක්මක් තිබෙනවා. ආහාර ඉන්ධන ඖෂධ ආදී අත්‍යවශ්‍ය දේවල් බාධාවකින් තොරව සැපයීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මම නවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන ගමන් රුපියල රුපියල පා කිරීමට කටයුතු කරනවා.  අපේ විදේශගත පුද්ගලයන් එවන මුදල් ඔවුන්ට වාසියක් ලැබෙන ආකාරයට නීතිමය ආකාරයෙන් ලංකාවට එවීමට අවශ්‍ය පරිසරය කඩිනමින් හදනවා.

මම හදිස්සියේ නින්දෙන් ඇහුරුණා වගේ කාබනික පොහොර පමණක් ප්‍රතිපත්තිය වගේ ඒවා ගේන්නේ නෑ. මම ඉතා ක්‍රමවත්ව හරිත කෘෂිකර්මයක් වෙනුවෙන් මාර්ග සිතියමක් සකස් කරනවා. මම මේ රටේ බත සරි කරන ජනතාව කුසගින්නේ තිබෙන්නට ඉඩ හරින්නේ නෑ. මම මේ සෑම දෙයකටම තාක්ෂණික වශයෙන් ප්‍රවීණයින්ගෙන් අදාළ උපදෙස් නිසි අයුරින් ලබා ගන්නවා. එහෙම නැතිව සාත්තරකාරයින්ගෙන් බොරුකාරයින්ගෙන් මම උපදෙස් ගන්න යන්නේ නෑ.

රටේ ජනතාවට නොමිලේ ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ම  සහතික වෙනවා. දේශපාලන හෙංචයින්යන්ට ඇන්ටිජන් කිට්වලින් හෝ නිරෝධායනයෙන් ගසා කෑමට මම කිසිම ඉඩක් තියන්නේ නෑ. මානසික සෞඛ්‍යයක් නැතිව සෞඛ්‍යයක් නෑ. එබැවින් මම රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මුදල් ඒ සඳහා වෙන් කරනවා.

නීතී සංශෝධනය සම්පූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරනවා. සංසකෘතිය විනාශ කරනවා කියන සංස්කෘතිය ගැන කතා කරන මේ රටේ 2021 වසරේදී පමණක් 11187ක්  ළමා අපයෝජන මේ ධර්ම දීපය තුළ වාර්තා වී තිබෙනවා. මම මේ සෑම ළමයකුම ආරක්ෂා කරනවා. අංග සම්පූර්ණ ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාව අචද රටට තිබෙනවා.

මම දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා. අධ්‍යාපනයෙන් ළමයින් අපයෝජනය වනවා . මම ජීවත් වන රටේ දරුවන්ට මේ නිසා  කාංසාව විශාදය වැනි තත්ත්ව ඇවිත්. ඔවුන්ට සමානාත්මතාව කරුණාව ගෞරවය ලබා දෙීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.

“රැකියා වෙළෙඳපොලට ගැලපෙන අධ්‍යාපන රටාවක් හදනවා. උසස් අධ්‍යාපන ආයතනවල සෑම ආකාරයකම නවක වදය නැති කරනවා.““යයිද සඳහන් කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka