gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ඔයාට ඕන ඩ්‍රෆ්ට් එක ද?... බෑ... ඒක දන්නෙ නෑ...' - සර්ව පාක්ෂික සමුළුවේ දී රනිල් – බැසිල් පැටලෙයි (VIDEO)

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23)  පැවති  සර්ව පාක්ෂික සමුළුවේ දී  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර උනුසුම් සංවාදයක් ඇති විය.

එම සංවාදයට මුළ පිරෙන්නේ  රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තියක් ඇති කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග විවෘත සංවාදයකින් පසු පොදු ජාතික සම්මුතියකට පැමිණිය යුතු බවත්,  ඒ සදහා රජයෙන් කිසිම විනිවිද භාවයක් හෝ කැපවීමක් තමන් නුදුටු බවත් පැවසීමත් සමගය.

හිටපු අගමැතිවරයා කීවේව පාර්ලිමේන්තුව විසින් විමසන දත්ත ලබා ගැනීමට හෝ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවය.

“ මේක පොරොන්දු වුනා කීප අවස්ථාවක. සමහර පක්ෂ මෙතෙන්ට නොපැමිණියේ මේ හේතුව නිසා. මා කැමතියි දැනගන්න  මේ සුමානෙවත්, එන සුමානෙවත් අපට මේක ලබා ගන්න පුලුවන්ද කියලා?“

බැසිල් – අයි.එම්.එෆ් වාර්තාව අපට සම්පූර්ණයෙන් තාම ඇවිත් නෑ

රනිල් – ඒ අය කියනවා එව්වා කියලා.

බැසිල් – නෑ … නෑ… අපට ඇවිත් නෑ.

රනිල් – එහෙනම්  අපි අහමු එතනින්. ජනාධිපති තුමා.. දැන් හරි එයාට එන්න කිව්වොත් අපට මේක කතා කරලා විසඳා ගන්න පුලුවන්. නියෝජිතයට එන්න කියමු. නැතිනම් අපි ඒක පිළිගන්නම්.

බැසිල් – නෑ .. වගකීමකින් කියනවා අපිට තවම වාර්තාව ලැබිලා නෑ.

රනිල් – නෑ ඇමති තුමා. එයා එවලා නැතිනම් අපි කියමු එවන්න කියලා.

බැසිල් – නෑ ඉතින්. අපි ඒක යවලා තියනවා. අපට ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා. ඩ්‍රාෆ්ට් එක අපේ අදහස් එක්ක…

රනිල් – හා… ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා.. හරි.

බැසිල් – ඩ්‍රාෆ්ට් එකනෙ එවන්නෙ මුලින්. ඊට පස්සේ රිපෝට් එක ෆයිනලයිස් කරලා බෝඩ් එකට දාලා ඒක ඒ කට්ටිය එවයි. ඉතින් ඒක… ඒක..

රනිල් –  හරි ඔබතුමා පිළිගන්නවා ඩ්‍රාෆ්ට් එක ආවා කියලා. මෙතෙක් කල් කිව්වෙ ආවෙ නෑ කියලා.

බැසිල්  – නෑ  ඩ්‍රාෆ්ට් එකක්.. ඉතින් අපි එක්ක සාකච්ඡා කරනකොට ඩ්‍රෆ්ට් එකක් තියනවනෙ… ඔබතුමා දන්නවානෙ   මට වැඩිය හොඳට….

රනිල් –  නෑ කමක් නෑ. අපට ඩ්‍රාෆ්ට් එකක් ආවනම් අපට දවසක් කියලා තොරගනිමු.

බැසිල් – දැන් ඩ්‍රාෆ්ට් එකද ඕන ඔයාට.?

රනිල් – ඩ්‍රාෆ්ට්… මට කමක් නෑ…  දෙනවා නම් පාර්ලිමේන්තුවට දෙන්න.

බැසිල් –  නෑ… ඩ්‍රෆ්ට් එක දෙන්න බෑ. මොකද ඩ්‍රාෆ්ට් එකේ අපි චැලේන්ජ් කරලා තියනවා.

රනිල් – නෑ මට දෙන්න එපා. දෙන එකක් පාර්ලිමේන්තුවට දෙන්න.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය දක්වමින් ප්‍රකාශ කළේ සියලු අනවශ්‍ය වියදම් කපා හැර ඒ සෑම  වියදමකින්ම සහන ලබා දෙන ආකාරයේ නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බවය. රටේ ජනතාවගෙන් සියයට පහනක් ඉන්නේ සහන ලැබිය යුතු මට්ටමක බව හිටපු අගමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පහත දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka