gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැතිකමින් අයින් වූ ලන්සා ජනපතියි-බැසිලුයි එක්ක කතා කරයි! එළියට ආපු ලන්සා සාකච්ජාව ගැන හිතවතුන්ට කී කතාව!

සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලන්සා මහතා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග කෙටි සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ, ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුවය.

රැස්වීම අවසාන වීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා නිමල් ලන්සා තමන් අසලට කැදවා ගනිමින් කෙටි සංවාදයක් පවත්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයාගේ දෙසට අත දිගුකරමින් යමක් පැවසීමටද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.

ඒ අනුව ලන්සා මහතා ජනාධිපතිවරයා සමග කෙටි අදහස් හුවමාරුවක් සිදුකොට තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පසුව ලන්සා මහතාගේ හිතවතුන් ඒ පිළිබද විමසද්දී ලන්සා මහතා සිනාසෙමින් සදහන් ‌කොට ඇත්තේ ‘ආ… ඒක එච්චර ගණන් ගන්න එපා… ඒක ඒ අයගේ පොඩි ෂෝ එකක් මම ඒ අයත් එක්ක ඩීල් එකක ඉන්නවා කියලා පෙන්වන්න….’ යනුවෙන් සදහන් කොට ඇත.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka