gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : සන්ධානයක් ඇතුළේ සිටින මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට නීතිමය බාධාවක් නෑ! හිටපු අගවිනිසුරු උදාහරණ සහිතව පෙන්වා දෙයි!

වත්මන් ව්‍යවස්ථාව යටතේ ඕනෑම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු හට සිය හෘදය සාක්ෂියට අනුව ස්වාධීන වීමේ අයිතිය පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.

‘මව්රට’ පුවත්පත වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු අගවිනිසුරුවරයා සදහන් කර සිටියේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුව සකස් වී ඇති බවත්, ඒ යටතේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍ය බවත්, ජනතාවට හානිකර අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමේ පූර්ණ අයිතිය මන්ත්‍රීවරුන් සතු බවත්ය.

ඒ පරමාදර්ශය මුලින්ම රටට පෙන්වූයේ 1952දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ඩී.ඒ. රාජපක්ෂ මහත්වරුන් බව පෙන්වා දුන් හිටපු අගවිනිසුරුවරයා, ඔවුන් ජනතා සුබසිද්ධිය තකා හෘදය සාක්ෂියට එකගව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් බවද කියා සිටියේය.

ඕනෑම සන්ධාන ආණ්ඩුවක් යටතේ හවුල්කාර පක්ෂ සිටින බව කී හිටපු අගවිනිසුරුවරයා එම පක්ෂවලට ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් හෘදය සාක්ෂියට එකගව තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව හිමිවන බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසූරිය මහතා මන්ත්‍රීවරුන් 17 දෙනකු සමග ආණ්ඩුවට එක්වූ අවස්ථාවේදී ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා වූයේත්, ලලිත් ඇතුළත්මුදලි මහතාගේ පක්ෂය නියෝජනය කළ ප්‍රේමරත්න ගුණසේතර මහතාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා වූයේත් එම පදනම යටතේ බවද හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය අවස්ථාවක් තිබේද යනුවෙන් කළ විමසීමකදී හිටපු අගවිනිසුරුවරයා සදහන් කර සිටියේ ඊට කිසිදු නෛතික බාධාවක් නොමැති බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka