හෙට පැය 10ක විදුලි කප්පාදුවක්!
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (29) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘ඉසෙඩ්’ දක්වා කලාප 26 ටම පළමු වරට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ.
‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ පැය 10 ක් ද, එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව පැය 10 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.
(යොහාන් භාසුර)
හෙට පැය 10ක විදුලි කප්පාදුවක්!
2022-03-29T21:09:00+05:30
Gossip Lanka Hot News





