ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව රිවර්ස් කරන්න අධිකරණය සලකා බලයි
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහි පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඩුවම් නියමව සිටියදීයි පොදු සමාව හිමි වුණේ.
ඊට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සම සළකා බැලීම සදහා ලබන මස 17 වනදා කැදවන ලෙස නියෝග කෙරුණා.
මේ අතර ඥානසාර හිමියන් පොදු සමාව යටතේ නිදහස් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි අධ්‍යක්ෂවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද ලබන මස 17 වනදා කැදවීමට නියමිතයි.
-colomboxnews
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව රිවර්ස් කරන්න අධිකරණය සලකා බලයි
2022-03-29T21:34:00+05:30
Gossip Lanka Hot News





