රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන ප්‍රේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කරමින් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකි යැයි අද රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන ප්‍රේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කරමින් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකි යැයි අද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ පැවසූහ. නාහිමිපාණන් වහන්සේ පැවසූහ.
එදා එතුමා ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවෙ කිසිවකු නම්‍යශීලී බවක් පෙන්නුම් නොකළ බව පැවසූ උන්වහන්සේ එහෙත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආශිර්වාදය විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එදා හිමිවූ බවද පැවසූහ .
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිළිගැන් වූ අවස්ථාවේ ප්‍රධාන අනුශාසනය කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
