අගමැති අක‍්‍රියයි... ජනපති දාලා යන්න සලසනවා... බැසිල් ජනපති වෙන්න සැලසුමක - විමල්
අද වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යම් අක‍්‍රිය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. පවතින අර්බුදකාරී තත්වය උත්සන්න වන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය තනතුර අතහැර යනු ඇතැ යි බැසිල් රාජපක්ෂ මහතා ගණනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.
එම අවස්ථාවේ රාජ්‍ය පාලනය සියතට ගැනීමට හැකිවෙතැයි ද බැසිල් රාජපක්ෂ මහතා කල්පනා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.
ඉන් පසුවද තව දුරටත් අමෙරිකානු උපාය මාර්ගය අනුව ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු කල්පනා කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.
දිවයින පුවත් පත සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
අගමැති අක‍්‍රියයි... ජනපති දාලා යන්න සලසනවා... බැසිල් ජනපති වෙන්න සැලසුමක - විමල්
2022-03-11T22:38:00+05:30
Gossip Lanka Hot News





