gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මණ්ඩලේ අරක්ගත් විදුලි මාෆියාව නැවතත් ජය ගනී! හදිසි මිල දී ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය! මෝසම් මහ වැහි කාලෙටත් ඩීසල් විදුලියට ගෙවයි!

රටට අඛණ්ඩව විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙගාවොට් 200ත-300ත් අතර විදුලි ප‍්‍රමාණයක් හදිසි මිල දී ගැනීම් (Emergency Power) යටතේ ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

විදුලිබල ඇමැති පවිත‍්‍රාදේවි වන්නිආරච්චි විසින් මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඉකුත් මාස දෙක තුනක සිට හදිසි විදුලි මිල දී ගැනීමකට යා යුතු බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හා නිලධාරීන් පිරිසක් දිගින් දිගට ම යෝජනා කළමුත් මෙතෙක් ඊට අවසර හිමිවූයේ නැත.

මේ වන විට වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම, මෙරට ඩීසල් මිල ආදිය ගැළපූ විට හදිසි මිල දී ගැනීම් යටතේ ලංවිම මිල දී ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 40 -50ත් අතර ඉහළ අගයකට යනු ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් සඳහන් කළේය.

හදිසි විදුලි මිලදී ගැනීමට යෑමට අදාළ ගිවිසුම්වලට ඒමේදී ඒකකයක මිල, ගිවිසුම් කාලය, විදුලිය ගත්තත් නොගත්තත් ගෙවිය යුතු Capacity Charges පිළිබඳ තාමත් තීරණවලට එළඹ නැතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙරට විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉදිකළ යුතු බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන එක්තරා පිරිසක් හදිසි විදුලි මිල දී ගැනීම්වලට යෑම සඳහා ඉකුත් මාස තුන පුරාම විශාල මෙහෙයුමක් දියත් කළ බවද හෙතෙම සඳහන් කළේය.

2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත.

ලබන අප්‍රේල් වන විට වර්ෂාව ලැබුණත් අත්සන් කරන ගිවිසුමට අනුව මෙම පුද්ගලික ඩීසල් බලාගාර හිමියන් වෙත මුදල් ගෙවිය යුතු අතර 2020 වසරේ ඒකකයක් සඳහා රුපියල් 5.73ක් මිල නියම වී ඇත. ලංවිම මිලදී නොගත් විදුලිය වෙනුවෙන් එම වසරේ ගෙවා ඇති මුදල රුපියල් කෝටි 130 ඉක්මවා තිබූ බවද රජයේ විගණන වාර්තාවල සඳහන්ය. ලබන අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බවට කාලගුණ අනාවැකි පළවී තිබියදී මාස හයකට හෝ වසරකට අදාළව හදිසි මිල දී ගැනීම්වලට යෑම අපරාධයක් බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවසති.

විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්, කොමිසමේ ඇතැම් අය රටට අවශ්‍ය බලාගාර ඉදිකිරීමට ඉඩ නොදී කටයුතු කළේ හදිසි මිලදී ගැනීම් කිරීමට බව පැහැදිලි යැයි ද ඔහු කියා සිටියේය. ඇතැම් බලාගාරවල විදුලි ජනක යන්ත්‍ර අක්‍රීය කරමින් සහ ඒවා නැවත පිළිසකර නොකරමින් මෙම නිලධාරීන් හදිසි මිල දී ගැනීම් සඳහා කටයුතු කරන බවට ද චෝදනා නැඟෙයි. ඒ සඳහා පෞද්ගලික බලාගාර හිමියන්ගෙන් අතිවිශාල ධනස්කන්ධයක් මෙම නිලධාරීන්ට හිමි වන බව ද ප්‍රසිද්ධ රහසකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka