ඔරුගොඩවත්ත හන්දියේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට මාර්ගය අවහිර කරමින් ඊයේ උදෑසන ජනතාව උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුවා. ජනතාව භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබුනා.
එම අවස්ථාව පාලනය කිරීමට පැමිණි පොලිසිය හා ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත්තා.
“ මෙතන සිංහල, මුස්ලිම් ඔක්කොම එකට ඉන්නෙ.. ආයේ අපිව කොටවන්න බෑ..“ “මූට වැඩිය හොඳට ගෑනු රට පාලනය කළා” ආදී වශයෙන් ජනතාව කෑගැසීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් එම ස්ථානයේ ඇතිවිය. සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක්ද මෙම අවස්ථාවේ මාර්ගයේ ගමන්කල අතර ඔවුන්ගේ ගමණටද මෙම උද්ඝෝෂණයෙන් බාධා එල්ලවිය.
එම අවස්ථාවට පැමිණි පොලිසිය ජනතාවට පහරදීමක් සහ වත්මන් රජය දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව හැසිරෙනු දක්නට ලැබුනා.
