EXCLUSIVE : ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් ගැන වහාම රටට හෙළිකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි ජනපතිගෙන් ඉල්ලයි
ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 3 පිළිබඳව වහාම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දීය හින්දුස්ථාන පුවත්පත කරුණු අනාවරණ කර ඇති බවයි.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ, මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බවයි.
EXCLUSIVE : ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් ගැන වහාම රටට හෙළිකරන්න - ඇල්ලේ ගුණවංශ හිමි ජනපතිගෙන් ඉල්ලයි
2022-03-22T11:53:00+05:30
Gossip Lanka Hot News






