ගම්වලට ගියාම ආණ්ඩුවේ අයට හූ තියන බවට ඇතැමුන් පැවසුවද හැටනම ලක්ෂයක් ජනතාව එහෙම ලේසියෙන් හූ තියන්නේ නැතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එහෙම හූ තියන්න ආවොත් අපි නිකන් ඉන්නෙත් නැතැයිද හෙතෙම පැවසීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයා ගේ නිවස ඉදිරිපිට හූ තබා දවසක් යන්නට කලින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ගොස් ඔවුන්ගේ පක්‍ෂ මූලස්ථානය වටලා පෙන්නුවේ තම පක්ෂයටද එවන් හයියක් ඇති බව යැයිද හෙතෙම පැවසීය.
බලපිටිය ප‍්‍රදේශයේදී පාලමක් විවෘත මුල්ගල් තැබීමේ උත්සවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
