විනෝද සංචාර සඳහා නුවරට පැමිණි සිය ගණනක් වාහන ඉන්ධන අවසන් වීමෙන් නුවරඑළිය ප්‍රදේශයේ සිරවී සිටින බව වාර්තාවේ.
මේ හේතුවෙන් තමන්ගේ සංචාරයට පමාණවත් ඉන්ධන ලබා ගෙන පැමිණ ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන හිගය නිසා නුවරඑළිය නගරයේ පිරවුම්හල්වල අධික තදබදයක් මේ දිනවල පවතින බව ලේකම්වරයා පැවසීය.
පවතින තත්ත්වය මත එළවළු ප්‍රවාහන ලොරි රථ සඳහා ප්‍රමුඛතාව මත ඉන්ධන ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.
ඒ ආකාරයේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙන අතර සාමාන්‍ය වාහන ද විශාල වශයෙන් පැමිණීමෙන් ඉන්ධන පිරවුම්හල්වල අධික තදබදයක් ඇති වන බවත් ඔහු තවදුරටත් පැවසීය.
