gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් සහ වැස්ස නැති වුනොත් අලුත් අවුරුද්දේ අඳුරේ ඉන්න වේවි – තවත් අනතුරු ඇඟවීමක්!

තෙල් සහ වැස්ස නොමැති වූවොත් සිංහල අවුරුදු සමයේ වැඩිපුර කාලයක් අඳුරේ සිටිමට සිදුවෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි. ඔවුන් සඳහන් කරන්නේ ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වුවත් පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් ප්‍රමාණවත් තෙල් ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කරන්නේ. ඉන්ධන ලබා දෙනවානම් විදුලිය ලබාදිය හැකි බවත් ඒ අනුව කැපෙන පැය ප්‍රමාණයද අඩු කළ හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිංහල අලුත් අවුරුදු සමයේද තෙල් හෝ වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබුන හොත් අඳුරේ සිටීමට සිදුවන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka