gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආනන්ද සාගර හිමි මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දෙන්න යයි! මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ උත්සාහයක්!

මහ බැංකුවේ අධිපති ලෙස දිවුරුම් දීම සඳහා පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පිරිසක් සමඟ මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා තිබෙන බව  වාර්තා වේ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය හා සිංහල සංවිධාන එකමුතුවක් නමින් මහ බැංකුව ඉදිරිපිටට පැමිණ සුළු වේලාවක් විරෝධතාවක නිරතවීම සිටීමෙන් අනතුරුව මහ බැංකුවට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

පාහියන්ගල හිමියන් පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.

අක්මීමන දයාරතන හිමියන් හා හා පාහියන්ගල හිමියන් මෙහිදී පොලීසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙනවා.

ආරක්ෂක අංශ වෙත පාහියංගල හිමියන් කියා සිටියේ මහ බැංකු අධිපති හැටියට තමන් වහන්සේ දිවුරුම් දීමට පැමිණ සිටින බවයි.

පසුව එම ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දැරූ පාහියන්ගල හිමියන් ඇතුළු පිරිස වෙනත් පිවිසුමකින් මහ බැංකුව තුලට යෑමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ විසින් පාහියංගල හිමියන්ට පමණක් මහ බැංකුවේ උසස් නිලධාරියකු හමුවී රැගෙන ආ ලිපිය බාර දීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සිවිල් සංවිධාන කිහිපයක නමින් නියෝජිතයින් පැමිණ සිටියද එතරම් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී නොසිටි බවයි අප වාර්තාකරු පැවසූවේ.

"මහ බැංකුවේ අධිපති කම අපිට කරන්න පුළුවන් මීට වඩා හොඳට, ඒ නිසා අද අපි බැලුවා මහ බැංකුව ඇතුලට පැමිණ මහ බැංකු අධිපති කමට දිවුරුම් දෙන්න. ඉතින් ඒ සඳහා අවසරයක් ලැබුන් නෑ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන මහ බැංකුවේ අධිපති කම අජිත් නිවාඩ් කබ්රාල්ට වඩා හොරකම් නොකරපු අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා." උන්වහන්සේ සඳහන් කර සිටියා.

-උපුටා ගැනීම : ඒෂියන් මිරර්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka