gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් අපිව කපලා වෙන දෙන්නෙක් උස්සනවා - නවීන්

LTTE ය පරාජය කිරීම සඳහා ඉන්දීය රජය සෘජුවම ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ 2007 වසරේදී මහින්ද රාජපක්ෂ රජයට එක්වීමට දින දෙකකට පෙර සෝනියා ගාන්ධි මහත්මිය සිය මව වූ ශ්‍රීමා දිසානායක මහත්මිය අමතමින් මෙම තීරණය දැනුම් දුන් බවයි. එම තත්වය තුළ මහින්ද රාජපක්ෂ රජයට යුද්ධය පරාජය කිරීම වෙනුවෙන් සහය දක්වන ලෙස ඉන්දියාව ඉල්ලා සිටි බවද දිසානායක මහතා සඳහන් කරන්නේ එය මේ දක්වා රටට හෙළි නොකළ රහසක් ලෙස දක්වමින්.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් පුද්ගලයින් දෙදෙනෙකු ඔසවා තැබීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණ සිදුකරමින් සිටින බව ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී චෝදනා කරයි.

දැනට එක්සත් ජාතික පක්ෂ මහලේකම්,උප නායක සහ සභාපති තනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි කැමැත්තට පත් කර ඇති බවයි ඔහු පවසයි.

අදාල තනතුරු සඳහා ඡන්දයක් පැවැත්වුවා නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක් අදාළ පත් කිරීම් සඳහා එකඟ නොවනු ඇති බවයි ඔහු සඳහන් කරයි.

බල තණ්හාව හේතුවෙන් පක්ෂය බදාගෙන සිටීම හේතුවෙන් සිදුවන්නේ පක්ෂය දියවී යාම පමණක් බවත් රාජපක්ෂ පාලනය තුළ ද මෙම තත්වය ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පක්ෂයට නියෝජ්‍ය නායකයෙකු තේරීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් පැවති ඡන්දය පිළිබඳව තමන් ඇතුළු වූ පක්ෂ ජේෂ්ඨයින් කිහිපදෙනකුම දැනුවත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු නොකළ බවට චෝදනාවක් ද නවීන් දිසානායක මහතා ඒල්ල කරයි.

රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා සියලු පාර්ශව එකට එක්විය යුතු අවධාරණය කළ නවීන් දිසානායක මහතා ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරන් දැඩි අදහස් පසෙකලා නම්‍යශීලී ලෙස පොදු සම්මුතියකට එළැඹීමට කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka