gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමන්ට එරෙහි චෝදනා විමර්ශණයට විනිසුරු මඬුල්ලක් දෙන්න - මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

තමන්ට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරුවන් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලීමක් කළා. 

ඒ, කොළඹ පැජට් පාරේ පිහිටි සිය නිළ නිවස ලබාගත් ආකාරය තුළින් මූලික අයිතිවාසිකම් කඩවන බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කරමින්. 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යශෝති සරවණමුත්තු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. සිය මෝසම ගොනුකරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම පෙත්සමෙන් අභියෝගයට ලක් කර ඇති කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් තුන එක සහ හතලිස් තුන දෙක යන වගන්ති සමඟ සලකා බැලිය යුතු බවයි. 

එබැවින් ඒ සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කළ යුතු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. මෙම පෙත්සම නැවත කැඳවීමේ දිනයට පෙර පූර්ණ විනිශ්චය මණ්ඩලය නම් කිරීම පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් එම මෝසම මඟින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka