gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිට්රෝ ගෑස් සමාගම වසා දමන්න යයි! ගෑස් රුපියල් 2000කින් වැඩි වෙයි

තව මාස තුනකින් ලිට්රෝ ගෑස් සමාගම වසා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය පවසනවා. දැනට ගොඩ බාමින් ඇති ගෑස් නෞකාවෙන් පමණක් සමාගම රුපියල් මිලියන 200ක පාඩුවක් ලබන බවත් ඉදිරියේදී ආනයනය කරන නෞකාවලින් රුපියල් මිලියන 200 පාඩුවක් ඉක්මවීම අනිවාර්ය බවත් ලිට්රෝ සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා කියා සිටියා.

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සදහා රුපියල් 4462.25ක් පිරිවැයක් දරන්නේ වුවද එය දැනටත් අලෙවි වන්නේ රුපියල් 2675 කට බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2000ක් මිල වැඩි කල යුතුව ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

තව දුරටත් පාඩු පිට ගෑස් සැපයුවහොත් සමාගම තවත් මාස තුනකින් වසා දැමීමට සිදුවන බවත් රටට ඉතුරුව තිබෙන එකම ගෑස් සමාගම බේරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් කොළඹහෙට්ටිගේ මහතා ප්‍රකාශ කළා.

ලිට්රෝ සමාගම 2021 වසරේ සිට ජනතාවට සහන සැළසීම සඳහා පාඩු ලබමින් ගෑස් ලබාදීම හේතුවෙන් 2021 වසරේ පමණක් රුපියල් කෝටි 1100 ක් අහිමිකරගත් අතරම මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 100 ක් අහිමිකරගෙන ඇති බවත් වර්තමානය වන විට ආයතනයේ මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා.    

කොළඹ පිහිටි ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (18) පස්වරුවේ පැවැත් මාධ්‍ය හමුවේදී පියල් කොළඹහෙට්ටිගේ මහතා මේ බව කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka